ප්‍රංශයේ වෙඩි තැබීමේ වගකීම IS භාර ගනී

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රංශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

පොලිස් නිළධාරීන් ගමන් ගත් බස් රථයක් ඉලක්ක කරගෙන ප්‍රහාරය එල්ල කර ඇත.

ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා පොලිස් නිළධාරියෙකු බව වාර්තා වේ.

මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කු කරුවකු විසින් වෙඩි තැබීම සිදු කල බව එරට පොලීසිය සඳහන් කර ඇත. ප්‍රහාරයත් සමඟ ෂම්ස් එලිසි ප්‍රදේශය තහනම් කළාපයක් ලෙස පත් කර ඇති ව සදහන් වේ.

IS ත්‍රස්ත සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *