ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක ඇමති හා හමුදා ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඇෆ්ගනිස්ථානයට පසුගියදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව එරට ආරක්‍ෂක අමාත්‍යවරයා සහ හමුදා ප්‍රධානියා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති නිල නිවස ආසන්නයේ හමුදා නිලධාරීන් ඉලක්ක කරගෙන එල්ල වූ මෙම ප්‍රහාරයෙන් හමුදා නිලධාරීන් 160කට වැඩි පිරිසක් ජීවිතක්‍ෂයට පත්විය.

තුවාල ලැබූවන් සංඛ්‍යාව සියයකට ආසන්න වේ.

මෙම ප්‍රහාරයේ වගකීම තලෙයිබාන් ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබෙනවා. 2001 වසරෙන් පසුව ත්‍රස්තවාදීන් ඇෆ්ගනිස්තාන ආරක්‍ෂක අංශ ඉලක්කර ගනිමින් එල්ලකළ දරුණුතම ප්‍රහාරය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ඇෆ්ගනිස්ථාන ආරක්‍ෂක ප්‍රධානියා එරට හමුදා ප්‍රධානියා ද වන අතර ප්‍රහාරයට වගකිව යුතු බැවින් ඔහු මෙසේ ඉල්ලා අස්වන්නට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *