අයි.සී.සී.චැම්පියන්ස් කුසලානයේ නායකත්වය මැතිව්ස්ට

(කොළඹ, ලංකාපුවත්) – එංගලන්තයේ පැවැත්වෙන ‘අයි.සී.සී.චැම්පියන්ස් කුසලානය’ ක‍්‍රිකට් තරගාවලියට එක්වන ශ‍්‍රී ලංකා සංචිතය ඊයේ(24) නම් කරන ලදි.

එහි නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් නම් කර ඇත.

උප නායකයා ලෙස උපුල් තරංග නම් කර ඇති අතර දිනේෂ් චන්දිමාල්, චාමර කපුගෙදර, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ කුසල් ජනිත් පෙරේරා ද සංචිතයට ඇතුළත්ය.

අසේල ගුණරත්න, ලසිත් මාලිංග, නුවන් කුලසේකර සහ තිසර පෙරේරා ද සංචිතයට නම් කර තිබේ.

සීක්කුගේ ප‍්‍රසන්න, සුරංග ලක්මාල්, නුවන් ප‍්‍රදීප් සහ ලක්ෂාන් සඳකැන් සංචිතයට ඇතුළත් සෙසු ක‍්‍රීඩකයින් වේ.

අතිරේක ක‍්‍රීඩකයින් ලෙස නම් කර ඇත්තේ දිල්රුවන් පෙරේරා සහ ධනුෂ්ක ගුණතිලකය.

ශ‍්‍රී ලංකාව ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දී තරග වදින්නේ බී කාණ්ඩයෙනි.
ඊට දකුණු අප‍්‍රිකාව, ඉන්දියාව සහ පාකිස්තානය ද ඇතුළත්ව සිටි.

ශ‍්‍රී ලංකාව තරග වදින පළමු තරගය දකුණු අප‍්‍රිකාවට එරෙහිව ජූනි මස 03වනදා ලන්ඩන්හි දී පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *