දිවංගත අමාත්‍ය ලලිත් අතුලත්මුදලි ශ්‍රීමතානන්ගේ 24 වන ගුණ සැමරේ

(කොළඹ, ලංකාපුවත්) – වරාය හා නාවික දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි ශ්‍රීමතානන්ගේ ගුණ සමරු උත්සවය වරාය පරිශ්‍රයේ ලලිත් ඇතුලත්මුදලි පිළිරුව ඉදිරිපිට දී ඊයේ(24) පැවැත්විණි.

මේ සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දම්මික රණතුංග මහතා සහභාගී විය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉහළ කළමණාකාරීත්වයේ මහත්ම මහත්මීන් සහ සේවක මහත්ම මහත්මීන් විශාල පිරිසක් සහභාගීවූ අතර, මෙම උත්සවය වරයා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත්ජාතික සේවක සංගමය විසින් සංවිධානයකර තිබිණි.

පිළිරුව වෙත මල්දම් හා පුෂ්පෝපහාර දැක්වීම අමාත්‍යතුමා, සභාපතිතුමා අතින්සිදුවීය. ජයබහලූ පර්යන්තය දෙවන අදියර විවෘත කිරීමේ සමරු ඵලකය ද නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම අමාත්‍යතුමා අතින්සිදුවූ අතර ඉන්පසු උත්සව සභාව ආරම්භවිය.

එහිදී දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා විසින් අනාගත අභිවෘද්ධිය සඳහා කරන ලද සැළසුම් ඒ අයුරින්ම ඉටුකිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේ ය. එමෙන්ම අද දවසේ අපහමුවේ ඇති අභියෝග එදා දවසටවඩා වැඩි බැවින්, ඒ සියල්ල ජයග්‍රහණකරමින්, වරාය දිනවීමේ අරමුණු කරා ලඟාවීම, ලලිත් ඇතුලත් මුදලි සංකල්පය අනාගතය වෙත රැගෙනයාමේ මාවත බව සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *