(කොළඹ, ලංකාපුවත්) – ආර්ථික කටයුතුවලදී සහයෝගය දැක්වීම සඳහා ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව එක් එක් විෂයට අදාළව අදාළ අමාත්‍යාංශ මට්ටමින් වෙන වෙනම ගිවිසුම්වලට එළඹීමට රජය තීරණය කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ පන කියා සිටියේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.