පළමු මැතිවරණය ජනමත විචාරණයක් බව ඇමති රාජිත කියයි

(කොළඹ, ලංකාපුවත්) – යහපාලන ආණ්ඩුව යටතේ ඉදිරියේදි පවත්වන පළමු මැතිවරණය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ ජනමත විචාරණය බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ ජනමත විචාරණය මේවසරේදි යහපාලන ආණ්ඩුව මුහුණදෙන පළමුමැතිවරණය බවත් පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණයන්ට පෙර ජනමත විචාරණය පවත්වන බවත් ඇමතිවරයා අවධාරණය කළේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු පාර්ලිමේන්තු කමිටු මඟින් අවසන් කළ වහාම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සම්මතයකින් පසු ජනමත විචාරණය පවත්වන්නේ යැයි ද ඇමැතිවරයා පැවසීය.

ඇමතිවරයා සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදි පැවැති විශේෂ සාකච්ඡාවක දී මේ බව ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − one =