මෙක්සිකෝ දේශසීමා පවුරට මුදල් වෙන් කිරීම ට්‍රම්ප් තාවකාලිකව නතර කරයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා – මෙක්සිකෝ දේශසීමා පවුර ඉදිකිරීම සඳහා වියදම් කිරීමේ පනත් කෙටුම්පත මඟින් මුදල් සොයාගැනිමට බලාපොරොත්තු වන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියි.

එළඹෙන සිකුරාදා දිනයේදී මුදල් වැය කිරීමේ යෝජනාව සඳහා අනුමැතිය ලැබුණහොත් ඊට අදාළ අරමුදල් ලබා දිය හැකි බව ජනාධිපතිවරයාගේ සමීපතම උපදේශකයකු වන කෙලිඈන් කොන්වේ පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මෙම දේශසීමා පවුර ඉදිකිරීම ට්‍රම්ප්ගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දු වලින් එකකි. ඒ සඳහා වැය වන මුදල මෙක්සිකෝව විසින් දැරිය යුතු බව ඔහු මීට පෙර සඳහන් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *