හිටපු ඇමති බැසිල්ගේ මල්වානේ සුඛෝපභෝගී නිවාසට අධි චෝදනා

(කොළඹ, ලංකාපුවත්) – මල්වානේ පිහිටි සුඛෝපභෝගී නිවසක් හා ඉඩමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා තිරු නඩේෂන් යන මහත්වරුන්ට එරෙහිව පවරා තිබූ නඩුව, පූගොඩ මහේස්ත්‍රාත් හමුවේ ඊයේ (25)කැඳවනු ලැබීය.

එම නඩුව ගොනු කරනු තිබුණේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසිනි.

බැසිල් රාජපක්ෂ හා තිරු නඩේෂන් යන අය ඊයේ අධිකරණයේ පෙනී සිටියේය. පූගොඩ මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය එහිදී දන්වා සිටියේ, නීතිපති දෙපාර්තමේන්තුව මෙම නඩුවට අදාළ අධිචෝදනා යටතේ ගම්පහ මහාධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බවය.

එම අධිකරණය කැඳවන දිනයකදී සැකකරුවන් දෙදෙනාට ගම්පහ මහාධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. ඒ අනූව, පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ නඩුව ඊයේ දිනෙන් අවසන් කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *