ඔටිසම් දරුවන්ට ප්‍රතිකාර කිරීමට ජාතික ළමා සංවර්ධන මධ්‍යස්ථානයක්

(කොළඹ, ලංකාපුවත්) –ඔටිසම් රෝගී දරුවන්ට ප්‍රතිකාර කිරීමට සහ පුහුණු කිරීමට සඳහා ජාතික ළමා සංවර්ධන මධ්‍යස්ථානයක් මේ වසර අවසන්වීමට පෙර ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

ඒ අනුව මේ වසර අවසන්වීමට පෙර ජාතික ළමා සංවර්ධන මධ්‍යස්ථානය මුල්ලේරියාවේ ඉදිකිරීමට සැළසුම් කර තිබේ. තවද ඉදිරියේ දී පළාත් මට්ටමින් ළමා සංවර්ධන මධ්‍යස්ථාන ඉදිකිරීමටද බලාපොරොත්තු වේ.

ඔටිසම් රෝගී දරුවන්ට ප්‍රතිකාර කිරීම රජය දායකත්වය ලබදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙන බව කී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා,ඔටිසම් රෝගී දරුවන් රටේ ඵලදායි ජීවිත ගතකරන තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව පැවසීය.

මෙය රජයේ කාර්යභාරයක් පමණක් බවට පත් නොකර සමාජයේ සියලු දෙනා ඔටිසම් දරුවන් වෙනුවෙන් ඵලදයී දායකත්වයක්,භූමිකාවක් කිරීමේ හැකියාව පවතින බවද වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා තවදුරවත් සදහන් කළේය.

ඔටිසම් රෝගය දරුවෙකුගේ මොළය වර්ධනයේ සිදුවන වෙනස්කම් නිසා හටගන්නා රෝගයකි.වර්තමනය වනවිට මෙම රෝගී තත්ත්වය සෑම ළමුන් 110කින් එක් අයෙකු දක්වා වර්ධනය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *