කාලගුණ විපර්යාස අනුව තීන්දු තීරණ ගන්නැයි වාරි නිලධාරින්ට ජනපති උපදෙස් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – කාලගුණික විපර්යාස සහ පසුගිය වසරවල වර්ෂාපතන ලැබීම පිළිබඳ නිසි අධ්‍යනයක් සිදුකරමින් වාරි ව්‍යාපෘතිවල ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අදාල තීන්දු තීරණ ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.

ඒ, මහවැලි සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන වාරි ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක දීය. ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (26) මහවැලි අධිකාරියේ ශ‍්‍රවණාගාරයේ දී එය පැවැත්විණි.

දැනට ක්‍රියාත්මක සහ ඉදිරියේ ක්‍රියාත්මක කිරීමට නියමිත වාරි ව්‍යාපෘති පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

කාළගුණික විපර්යාස සහ පසුගිය වසරවල වර්ෂාපතනය ලැබීම් පිළිබඳව නිසි අධ්‍යනයක් සිදුකරමින් වාරි ව්‍යාපෘතිවල ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අදාල තීන්දු තීරණ ගන්නා ලෙස ජනාධිපතිතුමා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, දුෂ්මන්ත මිත‍්‍රපාල යන මහත්වරුන් ද මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරින් සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *