ජපානයේ කැබිනට් අමාත්‍යවරයෙකුට අස්වීමට සිදු වෙයි

(කොළඹ, ලංකාපුවත්) – 2011 වර්ෂයේදී ජපානයට මුහුණ දිමට සිදු වූ මහා භූම්කම්පාව සහ සුනාමි ව්‍යසනයන්ගේන් ටෝකියෝ අගනුවර ආරක්ෂා වී අනෙකුත් ප්‍රදේශ ඊට ගොදුරු විම වාසනාවක් බව පැවසූ එරට කැබිනට් අමාත්‍යවරයකුට සිය ධුරයෙන් ඉවත් වීමට සිදුව තිබේ.

ආපදා ප්‍රතිසංස්කරණ අමාත්‍ය මසහිරෝ ඉමමුරා විසින් සිදු කළ මෙම ප්‍රකාශය එරට බෝහෝ දෙනෙකුගේ කෝපයට හේතු වී තිබුණි.

2011 වර්ෂයේදී ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය විනාශ කිරීමත් සමඟ දැඩි හානි සිදු වූ තොහෝකු ප්‍රදේශයේ ගොඩනැගිලි නැවත ඉදිකිරීමේ කටයුතු තවමත් අවසාන වී නොමැත.

එම වර්ෂයේ හටගත් සුනාමි ව්‍යසනයන්ගෙන් පුද්ගලයන් 18,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වී හෝ අතුරුදන් වී ඇති බව ජපාන් වාර්තා පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − nine =