විදුලියේ වැඩ බලන්න ගනේගල එයි

(කොළඹ, ලංකාපුවත්) – විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් එහි වැඩබලන සභාපති ලෙස ඩබ්. බී. ගනේගල මහතා පත්කර තිබේ.

අනුර විජේපාල මහතා ඊයේ (26) සවස සිය ඉල්ලා අස්වීමේ ලිපිය විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට භාරදී ඇත.

ඔහුගේ අස්වීමට හේතුවූ කාරනා මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැත.

වැඩබලන සභාපති ලෙස පත්කළ ඩබ්. බී. ගනේගල මහතා විදුලි බලමණ්ඩලයේ සභාපති ලෙස මීට පෙර ද කටයුතු කර ඇති අතර කලෙක ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයෙකු ලෙසද කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *