ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ සහාය සැමවිට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා සහාය ලබා දීමට තම පක්‍ෂය නිරතුරුවම ක්‍රියා කරන බව ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ සභාපතිනි සෝනියා ගාන්ධි මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පවසා සිටියේ ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නවදිල්ලි ටාජ් පැලස් හෝටලයේදි ඊයේ (26) පෙරවරුවේ ගාන්ධි මහත්මිය හමුවූ අවස්ථාවේ දීය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික සබඳතා තව තවත් ශක්තිමත් කරලීමට සහ කලාපීය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරලීම උදෙසා කැපවීමටත් තම පක්‍ෂය කටයුතු කරන බවද සෝනියා ගාන්ධි මහත්මිය පැවසුවාය.

හිටපු ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහතා ද මේ අවස්ථාවට එක්විය.

කලාපීය සහ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරලීම වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ගාන්ධි මහත්මිය එහිදි අවධාරණය කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *