මීතොටමුල්ල කසළ කන්ද පුනරුත්ථාපනය කිරීමට ක්‍රියාකරනවා – ඇමති පාඨලී

(කොළඹ, ලංකාපුවත්) – නැවත නායයෑමක් ඇති නොවන ආකාරයට මීතොටමුල්ල කසළ කන්ද ඉදිරි මාස හය හත තුළ පුනරුත්ථාපනය කිරීමට ක්‍රියාකරන බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා අද (28) මේ බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, කසළ කළමනාකරණය සම්බන්ධයෙන් වූ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමිනි.
ඇමතිවරයා එහිදී කියා සිටියේ,

මීතොටමුල්ල සිදු වුණේ කන්දට යටින් පීඩනය පිපිරී යෑමක් සිදු වුණේ.කලයක් වගුරු බිමකට අඛණ්ඩව කැළි කසළ ගෙනවිත් බැහැර කිරීමයි හේතුව. මෙකට කොළඹ කුණු විතරක් නොවේ අවට කුණුත් දැම්මා. කසළ ටොන් මිලියන තුනක් තිබෙනවා.

කිසිම වගකීමකින් තොරව කසළ පුරවා තිබෙනවා.මේ ස්ථානයේ කිසිම විද්‍යාත්මක කසළ කළමනාකරණ ක්‍රමවේදයක් අනුගනමය කර තිබුණේ නෑ. අනතුරු ඇඟවීම්වලට ප්‍රතිචාර නොදැක්වීමත් කණගාටුවට කරුණක්. විධිමත් කසළ කඳු විධිමත්ව කළමනාකරණය කළ යුතුයි.

මින් ඉදිරියට කසළ ගෙන යෑමේදී දැඩි නීති රීති අත්‍යවශ්‍ය වී තිබෙනවා. මීතොටමුල්ල කසළ කන්ද ඉදිරි මාස හය හත තුළ පුනරුත්ථාපනය කිරීමට ක්‍රියාකරනවා. විද්‍යාත්මක පිරිසක් සහාය දෙනවා. සියලු විද්‍යාත්මක ආයතන සම්බන්ධ වී සිටිනවා. යනුවෙන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *