රුසියාවට අයත් ඔත්තු බැලූ ලිමාන් නෞකාව මුහුදේ ගිලෙයි

(කොළඹ, ලංකාපුවත්) –රුසියාවට අයත් ඔත්තු බැලූ ලිමාන් නෞකාව, තුර්කියට ආසන්න මුහුදේ ගිලී තිබේ.

අනතුර සිදුවුණේ එම නෞකාව භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් හා ගැටීමෙන් බව රුසියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත.

නෞකාව කළු මුහුද ආශ්‍රිත මෙහෙයුම්වල නිරත වෙමින් සිටි අතර නෞකාව ගිලී ඇත්තේ තුර්කියේ කිල්යෝස් නගරයට කිලෝ මීටර 29ක් දුරින් මුහුදේදී ය.

අනතුර සිදුවන අවස්ථාවේ නෞකාවේ 78 දෙනෙකු සිටි බව වාර්තා වේ. කෙසේ නමුත් නෞකාවේ සිටි සියලුදෙනා බේරා ගැනීමට තුර්කි වෙරළාරක්ෂක බලකාය සමත් වී ඇති බව රුසියානු බලධාරීන් සඳහන් කර තිබේ.

නෞකාව අයත් රුසියානු කළු මුහුදේ බලඇණිය සදහන් කරන්නේ අනතුරට ලක්වන විට තම නෞකාව සියලු නාවික නීනි අනුගමනය කරමින් සිටි බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *