ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා තනතුර භාරගන්න සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –රටේ හදිසි අවස්ථාවක හෝ අත්‍යවශ්‍ය අවස්ථාවක ක්‍රියා කිරීම සඳහා නිසි ක්‍රමවේදකයකින් සැකසුනු තනතුරක් භාරගැනීමට තමන් සූදානම් බව ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා කියා සිටියි.

ඔහු මේ බව කියා සිටියේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් යෝජනා කර ඇති ආරක්ෂක අංශ හා සම්බන්ධ තනතුරක් භාරගනිමින් කටයුතු කිරීමට කරන ලද ඉල්ලීම ගැන මාධ්‍ය නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා

යුධ හමුදාපති තනතුර හෝ ආරක්ෂක මාණ්ඩලී ප්‍රධානී තනතුර භාරගන්න ලෙස මගෙන් ඉල්ලා සිටියා.. අමාත්‍යමණ්ඩලය ද එම යෝජනාව අනුමත කළා. මම අත්දෙක උස්සලා කිව්වා එම තනතුරු බාරගැනීම නොහැකි බව…එහෙත්, ජනාධිපතිතුමාගේ අදහස අපට පැහැදිලි…දැනට රටේ ඇති තත්වය අනූව අත්‍යවශ්‍ය අවස්ථාවක කටයුතු කිරීමට නව තනතුරක අවශ්‍යතාව දකින්න පුළුවන්. කෙසේ වුවද, ආරක්ෂක හමුදාවට පිටින් කටයුතු කිරීමේ තවත් හමුදාවක් ලෝකයේ කොහෙවත් නොමැති අතර එය එක් එක් කණ්ඩායම් විසින් ගොතන කතා බවයි, ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 + three =