GSP+ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව පරාජය වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාදීමට එරෙහිව ඉදිරිපත් වු යෝජනාව බ්‍රසල්ස්හි යුරෝපා පාර්ලිමේන්තුවේ දී ඊයේ(27) පරාජයට පත් විය.

ජී.එස්.පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලබාදීමට එරෙහිව ඉදිරිපත් වු යෝජනාවට පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 119ක් පමණක් බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා සඳහන් කළේය.

අදාළ යෝජනාවට එරෙහිව ඡන්ද 436ක් ලැබී ඇත.

නියෝජිතයින් විසි දෙදෙනෙකු අදාළ යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය දීමෙන් වැළකී සිට ඇති බව හර්ෂ ද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three + 1 =