අළුගොල්ල කන්ද රක්‍ෂිතයේ හටගත් ගින්න පාලනය කරයි

(කොළඹ, ලංකාපුවත්) – බදුල්ල නගරයට ඉහළින් පිහිටි අළුගොල්ල කන්ද රක්‍ෂිතයේ හටගත් ගින්න පාලනය කර ඇත.

බදුල්ල පොලීසිය, යුද හමුදාව, බදුල්ල මහනගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ආපදා කළමණාකරණ ඒකකය එක්ව මෙම ගින්න මැඩ පවත්වා තිබේ.

මෙහෙයුම සදහා පැය 8 ක පමණ කාලයක් ගතවි ඇතැයි වාර්තා වේ.

අළුගොල්ල කන්දේ පිහිටි බදුල්ල දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයට අයත් භූගත පුපුරණ ද්‍රව්‍ය ගබඩාව දෙසට ගින්න පැතිර ගොස් තිබූණි.

ගින්නෙන් විනාශ වී ඇති බවට පැවසෙන භූමි ප‍්‍රමාණය අක්කර 8 කට අධික බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + 20 =