ඉන්දීය ධීවරයන් 05ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා මුහුදු තීරය ආක්‍රමණය කළ ඉන්දීය ධීවරයන් 05 දෙනෙකු ඔවුන් පැමිණි යාත්‍රාව සමඟ නාවික හමුදාව ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදාව ප්‍රකාශ කළේමන්නාරමට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ මොවුන් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි බවයි.

උතුරුමැද නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් අදාළ ධීවරයන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය ධීවරයන් සහ යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාර දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 2 =