මැයි රැළියට පැමිණි ආධාරකරුවන් දෙදෙනෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට සහභාගිවූ ආධාරකරුවන් දෙදෙනෙකු හදිසි රෝගාතුරු තත්ත්වයක් හේතුවෙන් රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇත.

මොවුන් දෙදෙනා රෝහළට ඇතුළත් කරනවිටත් මිය ගොස් සිටි බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

දෙදෙනාගේ මෘත දේහ දැනට රෝහලේ පවත්නා බවත්, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මරණය සිදුව ඇත්තේ කෙසේද යන්න අනාවරණය කරගත හැකි බවත් රෝහල් අධ්‍යක්‍ෂවරයා කියා සිටියේය.

මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගලයෙකු සහ මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි පුද්ගලයෙක් බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven + 13 =