රට දියුණු කිරීමට සියලු දෙනා එක්ව ඉදිරියට යා යුතුයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – කම්කරුවා වෙනුවට අද නිපුණ ශ්‍ර‍මිකයා යන නාමය භාවිත කරන බවත් අද ලෝකයේ නව තාක්ෂණයත් සමඟ රටක් දියුණු කිරීමේදී ඒ රටේ ප‍්‍රධාන ප‍්‍රාග්ධනය බවට පත්වී ඇත්තේ දැනුම, බුද්ධිය, හැකියාව, කුසලතාවය, නිර්මාණශීලිභාවය ඒ වගේම නිපුණ ශ‍්‍රමික පුහුණුව අවශ්‍ය බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

මේ රට දියුණු කිරීමට ඒ කිසි දෙයකින් අඩුවක් නැති බවත් ඒ නිසා අපි සැමවිටම අපේ රට දියණු කරන්න ඔබ අප සියලුදෙනා එක්ව ඉදිරියට යා යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මහනුවර ගැටඹේ කි‍්‍රඩාංගණයේ පැවති මැයි දින රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ඊයේ (01) ප්‍ර‍කාශ කළේය.

එම සම්පූර්ණ කතාව පහත සඳහන් වේ.
“මම අද ඉතාමත් සතුටු වෙනවා මේ ඓතිහාසික කන්ද උඩ රට රාජධානියේ මහනුවර පූජනීය නගරය මුල් කර ගනිමින් උතුම් දළදා වහන්සේගේ ආශිර්වාදය ලබමින් අපේ මේ ඓතිහාසික, සාර්ථක මැයි රැළිය අතිවිශාල ජනකායක් සමඟ පැවැත්වීමට ලැබීම පිළිබඳව.
මිත‍්‍රවරුනි, මේ රැස්වීමේ පෙළපාළිය පටන් ගත්තේ පාරවල් දෙකකින් පස්වරු එකට. පාරවල් දෙකකින් පස්වරු එකට පටන් ගත්තේ මීට කි.මි 6 කට එහා ඉදලා. පාරවල් දෙකකින් පස්වරු එකට පටන් අරගෙන කිලෝ මීටර් 06 පෙළපාලයි අවසන් කරන්න පැය 06 කට වැඩි කාලයක් ගත වුණා. මේ බලවේගය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ බලවේගය. මේ බලවේගය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහෝදර දේශපාලන පක්ෂවල බලවේගය. මේ බලවේගය මේ රටේ වැඩකරන ජනතාවගේ, කම්කරු ජනතාවගේ බලවේගය. මේ බලවේගය මේ රටේ වාම ප‍්‍රතිශිලි ව්‍යාපාරයේ දේශපාලන බලවේගය, මේ බලවේගය මේ රටේ ගොවි ජනතාවගේ බලවේගය, මේ බලවේගය මේ රටේ ධීවර ජනතාවගේ බලවේගය. වැඩපළේ, වැඩබිමේ කම්කරුවා,කාර්යාලයේ සේවකයා ඒ සියලූදෙනා මුල් කරගත් පුළුල් ජාතික බලවේගයක එක් අවස්ථාවකට තමයි අද ඔබ අප සියලූ දෙනාම එක්වී සිටින්නේ.

මේ රැළිය පටන් අරගෙන ටික වේලාවක් යනකොට මහ වැස්සක් ඇද හැලුනා. නිවේදක මහත්තයයි, කථා කරපු අයයි කියනවා ඇහුනා අයහපත් කාළගුණය කියලා. වහින එකට කොහොමද අයපහත් කාලගුණය කියන්නේ. මහනුවරට වැස්ස තිබුණේ නැහැ. මහ වියළි කාලගුණයක් තිබුණේ. මම සතුටු වෙනවා අද මේ මහනුවරට වැහැලා මේ ඓතිහාසික මහා පුදබිම ජලයෙන් තෙත් කරන්න ලැබීම පිළිබඳව.
මිත‍්‍රවරුනි, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක මැතිතුමා පක්ෂය බිහි කිරීමත්, අවුරුදු 05 ක් වැනි කෙටි කාලයකින් ආණ්ඩුවක් පිහිටුවීමත්, ඒ ආණ්ඩුව මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවක් වීමත්, එදා සිටම මේ රටේ වැඩකරන ජනතාවගේ, කම්කරු ජනතාවගේ, පොදු මහජනතාවගේ අයිතීන් සහ වරප‍්‍රසාද ශක්තිමත් කරමින් තමයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු සෑම විටම මේ රටට සේවය කළේ.

කම්කරුවා කියන වචනය දැන් භාවිතා වෙන්නේ නැහැ. ඒ කම්කරුවෙ කියලා හැදින් වූ යුගය අවසන් වුණා. අද නිපුණ ශ‍්‍රමිකයා කියන වචනය භාවිතා කරනවා. අද ලෝකයේ නව තාක්ෂණයත් සමඟ රටක් දියුණු කිරීමේදී ඒ රටේ ප‍්‍රධාන ප‍්‍රාග්ධනය බවට පත්වී ඇත්තේ දැනුම, බුද්ධිය, හැකියාව, කුසලතාවය, නිර්මාණශීලිභාවය ඒ වගේම නිපුණ ශ‍්‍රමික පුහුණුව. අපේ රට දියුණු කරන්න ඒ කිසි දෙයකින් අඩුවක් නැහැ. ඒ නිසා අපි සැමවිටම අපේ රට දියණු කරන්න ඔබ අප සියලුදෙනා එක්ව ඉදිරියට යා යුතු වෙනවා.

මේ ජාත්‍යන්තර කම්කරු දිනය, මැයි දිනය අපි දේශපාලන පක්ෂවලින් පවත්වනකොට මාධ්‍ය තුළ නොයෙකුත් විවේචනය යනවා කම්කරුවාගේ වැඩ කරන දවස දේශපාලනඥයෝ අතට අරගෙන කියලා. මම බොහොම පැහැදිළිව කියන්න ඕන වැඩ කරන ජනතාව සහ දේශපාලනය කියන්නේ දෙකක් නෙවේ එකක්. වැඩකරන ජනතාවගේ හඬට, පොදු මහජනතාවගේ හඬට, නිපුන ශ‍්‍රමිකයින්ගේ හඬට දේශපාලනඥයා සහ දේශපාලන පක්ෂ සෑමවිටම යටත්විය යුතුයි. එය තමයි සැබෑ යථාර්තය. වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔවුන් නගන හඩත් සමග සෑමවිටම ආණ්ඩුවක් කටයුතු කළයුතුයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තිය එයයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සිය ඉතිහාසයේ සිට පැහැදිළිව පෙන්නුම් කරලා තිබෙනවා වාම ප‍්‍රගතිශීලි දේශපාලන ව්‍යාපාරත් සමග වැඩකරන පංතියේ ජනතාවගේ හඩට කන් දෙමින් ඔවුන්ගේ අයිතිවාසිකම් ලබාදෙමින්, ඔවුන්ගේ වරප‍්‍රසාද ලබා දෙමින්, පොදු මහජන අදහස්, හැ`ගීම් සහ ප‍්‍රතිපත්ති තුළ රටක් ඉදිරියට ගෙන යාම පිළිබඳ. ඒ ගමනේ අද අපට තිබෙන්නා වූ අභියෝග මොනවාද, ඒ අභියෝග ජයග‍්‍රහණය කළ හැක්කේ කෙසේද,
ආදරණීය දෙමාපියනි, දරුවනි, අතීතයේ සුන්දරත්වය කථා කරමින් සිටීම පලක් නැහැ. අනාගත සුරංගනා ලෝකයක් පිළිබඳව සිහින මවමින් සිටීම පලක් නැහැ. ඔබෙත් මගෙත් මාතෘ භූමිය වෙනුවෙන් හෙට දවසේ කාර්යය අද දවසේ ඉෂ්ට කළයුතු වෙනවා. එය ප‍්‍රමාදයකින් තොරව ඉටුකළයුතු වෙනවා. රටක් ගොඩන`ගන්න, ජාතියක් ගොඩනගන්න සෑමවිටම මූලික විය යුත්තේ ස්විදේශික චින්තනයෙන් යුත් ජාතිකත්වය මුල්කරගත් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ක‍්‍රමයක් කියන එක මම බොහොම පැහැදිළිව ප‍්‍රතිපත්තියක් විදියට න්‍යායක් විදියට පිළිගන්නවා කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕන.

අද ලෝකයේ ජාත්‍යන්තරවාදය කියන එක කෙමෙන් කෙමෙන් පහව යමින් තිබෙනවා. අද ලෝකයේ ප‍්‍රබල රාජ්‍යයන් අනෙකුත් රාජ්‍යයන්වලට අත පෙවීම් ඉවත් කරමින් යනවා. අද ලෝකයේ සියලුමම රාජ්‍යයන් බටහිරත්, නැගෙනහිරත්, උතුරත්, දකුණත් ස්වදේශීකවාදී චින්තනයත් තමන්ගේ රට ගොඩනැගීමට මුල් තැන දී තිබෙනවා.

අද අපිට ලෝකයේ කිසිම රටක ඇගිලි ගැසීමක් නැහැ. අද ලෝකයේ කිසිම රටකින් බලපෑමක් නැහැ. ඒ ජයග‍්‍රහණය ලබා ගැනීමට පුළුවක් වුණේ කවුරුන් කෙසේ කීවත් 2015 ජනවාරි 08 වෙනිදා ලබාගත් ජයග‍්‍රහණයත් සමග මු`ථ මහත් ජාත්‍යන්තරය දිනා ගැනීමට අපට පු`ථවන් වූ නිසා කියන එක මම බොහොම පැහැදිළිව කියනවා. මේ රට ගොඩනගන්න මෑත යුගයේ ඇතිවූ විශාලතම බාධාව සහ අභියෝගය ලෝකයේ ප‍්‍රබල රාජ්‍යයන් අපෙන් වෙන්වීම. එක්සත් ජාතින්ගේ සංවිධානයේ සිට ජාත්‍යන්තර සංවිධාන අපෙන් ඈත්වීම, ඇතැම් රටවලින් අපට ඇතිවී තිබූ බලපෑම්, ඇතැම් රටවලින් ඇතිවී තිබු චෝදනා. ලෝකයේ ඇතැම් සංවිධාන සහ රාජ්‍යයන්ට අපි වගඋත්තරකරුවෙක්, විත්තිකරුවෙක් බවට පත්වී හිටියා.

මම බොහොම පැහැදිළිව කියනවා අද ඔබෙත් මගෙත් උතුම් මාතෘ භූමිය සහ ජනතාව කිසිම කෙනෙකුට වගඋත්තර කාරයෙක් නෙවේ, විත්තිකාරයෙක් නෙවෙයි. අපිට නිදහස් ස්වාධීන රටක් විදියට ඉස්සරහට යන්න කිසි`දු බාධාවක් නැහැ. ඒ නිසා ඔබෙත්, මගෙත් මාතෘ භූමිය ගොඩනගන්න, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්න ඕන. මේ රටේ වමේ ප‍්‍රගතිශීලි දේශපාලන ව්‍යාපාරය එදා මෙන්ම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග අත්වැල් බැඳගත් දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වෙන්න ඕන.

අපි ජාතික සංහි`දියාව , සමගිය ශක්තිමත් කරමින් ඔබෙත් මගෙත් මාතෘ භූමිය ගොඩනගන්න අවංක සිතින් එක් විය යුතුයි. අද ආණ්ඩුව කරගෙන යාමේදී මේ ආණ්ඩුවේ ගමන නිවැරදි කරන්න, ඇතැම් අයගේ දූෂණ, වංචාවලට පිළිතුරු දෙන්න මේ ඓතිහාසික මහ රැළිය ඉතා වැදගත් උත්තරයක් සංඥාවක් සහ පණිවිඩයක් දුන්නා කියන එක මම බොහොම පැහැදිළිව කියන්න ඕන.

මම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රජාතන්ත‍්‍රවාදී කරලා තිබෙනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී කරලා තිබෙනවා. ලෙස්ලි දේවේන්ද්‍ර සහෝදරයා කිව්වා මධ්‍යම කාරක සභාවට ගියහම කොච්චර තර්ක විතර්ක කරනවාද කියලා. මම ඉතාම සතුටු වෙනවා. මම පක්ෂයේ ලේකම්වරයා විදියට හිටපු කාලයේ මධ්‍යම කාරකසභාව රැුස්වුණහම න්‍යාය පත‍්‍රයේ තිබුණු කාරණා හැරෙන්න එහෙම සංවාද, හඬවල් තිබණද කියලා මම ඔබෙන් අහනවා. ආණ්ඩුවේ ඇමති මණ්ඩලය රැස්වුණහම, ආණ්ඩු පක්ෂය රැුස්වුණහම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහෝදර දේශපාලන පක්ෂ එකතු වණහම නිදහසේ තමන්ගේ හඬ මතු වුණාද කියලා මම අහනවා. අද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විවෘතයි. අද පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව සහ විධායක සභාව තුළ මධ්‍යගත ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනගලා තිබෙනවා. නිදහස් අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. නිදහස් අදහස් යෝජනා කරන්න පුළුවන්. ව්වේචනය කරන්න පු`ථවන්. ඉදිරියට යන්න පුළුවන්.

මම තව මගේ පවුලේ කෙනෙකුට පුටුවක් හදන්න ලෑස්ති වෙලා මෙතනට ඇවිල්ලා නැහැ. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය අද නිදහසේ විවෘතව වැඩ කරනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ අද කුමාරවරු නැහැ. බය නැතුව අපේ ආදරණීය තරුණ දරුවන්ට ඉදිරියට එන්න පු`ථවන්. මේ ගෙවීගිය වසර දෙක හමාරක කාලය ගත්විට පක්ෂයේ තරුණ සංවිධානයේ විශාල දියුණුවක් ඇතිවුණා.

අද පක්ෂයේ කාන්තා සංවිධානය නිදහසේ වැඩ කරනවා. කිසිම ප‍්‍රශ්නයක් නැහැ. අද කාන්තා සංවිධානයේ ආර්යාවෝ නැහැ. හැම කෙනෙකුටම නිදහසේ වැඩ කරන්න පුළුවන්. මේ පැරදුණ පක්ෂය කොහොමද ජයග‍්‍රාහී පක්ෂයක් බවට පත්කරන්නේ. මේ පැරදුණ පක්ෂය කොහොමද අනාගතයේ ආණ්ඩුවක් හදන්නේ. මේ පැරදුණ පක්ෂය ජයග‍්‍රහණය කරන්න, මේ පක්ෂය පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් විදියට ඉදිරියට ගෙන යන්න ඕන. වංචාව, දුෂණය, නාස්තිය, හොරකම, පවුල්වාදයෙන් තොරව සැබෑ ලෙසම ස්විදේශිකවාදී චින්තනය මුල්කරගත් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයක් විදියට ඉදිරියට ගෙන යන්න ඕන. මම ඒක පක්ෂය තුළ ඇති කරලා තිබෙනවා.

මේ රට ඉදිරියට ගෙන යන්න අපි හැම කෙනෙක්ම ඒ වගකීම් ඉෂ්ට කරන්න ඕන. ඒ නිසා අපිට තිබෙන්නා වූ අභියෝග අපි ජයගත යුතුයි. දූගීභාවයෙන් අපි කොහොමද නිදහස් වෙන්නේ. දුගී භාවයෙන් නිදහස් වීමේ වර්ෂය ලෙස අපි මේ 2017 වර්ෂය නම් කළා. අපිට කාළගුණික, දේශගුණික බාධාවන් තිබෙනවා. නමුත් අපි රජයක් විදියට තිරසර සංවර්ධනය මුල් කර ගනිමින් දුගී භාවයෙන් මේ රට නිදහස් කර ගැනීමට අද පැහැදිළි සංවර්ධන වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරලා තිබෙනවා. ආණ්ඩුවක් විදියට ඒ වැඩකටයුතු කරමින් ඔබෙත්, මගෙත් මාතෘ භූමිය ශක්තිමත් සමෘද්ධිමත් ප‍්‍රබුද්ධ රාජ්‍යයක් විදියට ගොඩනගමින් ඉදිරියට යන්න අපේ අතීත ශී‍්‍ර විභූයත් සමග මේ රට ගොඩනගන්න අපි සෑම කෙනෙක්ම කැප වෙන්න ඕන. ඒ කැපවීමේදී මේ රටේ තිබෙන ප‍්‍රශ්න පැහැදිළිව තේරුම්ගන්න ඕන. සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ, බර්ගර් සියලූ ජන කොටස් අතරේ සමගිය සාමය ශක්තිමත් වෙන්න ඕන. කවුරුන් හෝ හිතනවනම් තමන්ගේ ජාතිය ගැන පමණක් කල්පනා කරලා අනෙක් ජාතින් අමතක කරලා මේ රට සමෘද්ධිමත් නිදහස් සාමකාමී රටක් විදියට ගොඩනැගෙන්නේ නැහැ, ඉදිරියට යන්න පු`ථවන්කමක් නැහැ. අපේ ලාංකිකත්වය, ස්වදේශිකත්වය, අපේ ජාතිකත්වය 40 දශකයේ කොච්චර ලස්සනට තිබුණද.

බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ගන්න සිංහල, දමිළ, මුස්ලිම් සියලූ නායකයින් ස්වදේශිකවාදී චින්තනයෙන්, ජාතිකත්වයෙන් පොදු හැගීමකින් මොනතරම් සමගියෙන් සටන් කරලා බි‍්‍රතාන්‍ය පාලනයෙන් රට නිදහස් කර ගත්තද, ඉන් පසුව බලය සඳහා වෙන් වුණා. බලය ස`දහා වෙන වෙනම දේශපාලන පක්ෂ හැදුනා. අපි පරිහානියට ගියා. අපි ආපස්සට ගියා. යුද්ධයක් ඇතිවුණා. යුද්ධයේ අවුරුදු 30 කට ආසන්න බරපතළ වද වේදනා වින්දා. අසීරුවන්, අමාරුවෙන් අපේ ශ්‍රේෂ්ඨ රණවිරුවන්ට පිංසිද්ධ වෙන්න ඔවුන්ගේ ජීවිත පරිත්‍යාග කරලා අපි සියලූදෙනා එකතුවෙලා අපිට පු`ථවන්කම ලැබුණා ඒ ම්ලේච්ඡු යුද්ධය අවසන් කරලා මේ රටේ සාමය ඇතිකර ගන්න. නැවත මේ රටේ යුද්ධයක් ඇති නොවන්න, මේ රටේ සැබෑ සාමයක් ඇති වෙන්න, මේ රට ආර්ථික සමෘද්ධියක් ඇති කරමින් ඉදිරියට යන්න යථාර්ථවාදී ලෙස සත්‍යවාදී ලෙස සාමකාමී වෙන්න මේ රටේ ජාතික සංහිඳියාව ශක්තිමත් වෙන්න ඕන. සිංහල, දමිළ, මුස්ලිම් සියලූ ජන කොටස් අත්වැල් බැදගෙන සැකෙන්, බියෙන් තොරව ජීවත්වන සමාජයක් ගොඩනැගෙන්න ඕන. ඒ තුළ මේ රටේ සෑම කෙනෙකුටම සිංහල ද, දෙමළ ද, මුස්ලිම් ද කියලා ප‍්‍රශ්නයක් නොවී ශී‍්‍ර ලාංකිකයින් විදියට කටයුතු කළහැකි සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ගමනකින් තමයි මේ රට ඉදිරියට ගෙන යා යුත්තේ කියන එක මම දැඩි ලෙස විශ්වාස කරනවා.

මේ කාලසීමාව ගත්තහම නොයෙකුත් විවේචන, නොයෙක් ආකාරයේ චෝදනා තිබෙනවා. ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම්, විදේශීය ආයෝජන පිළිබඳව. රට දෙනවා. භූමිය දෙනවා, පාවා දෙනවා, රට කඩනවා, බුද්ධාගම නැති කරනවා, අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමි තැන නැති කරලා තිබෙනවා කියලා චෝදනා කරනවා. මම බොහොම පැහැදිළිව කියනවා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා විදියට තමුන්නාන්සේලා මා කෙරෙහි විශ්වාසයක් තැබුවා. මේ රටේ ජනතාව 2015 ජනවාරි 08 වනදා පොදු අපේක්ෂකයා විදියට මා ගැන විශ්වාසයක් තියලා මාව මේ රටේ ජනාධිපතිවරයා විදියට පත් කරගත්තා. මම මේ පුටුවට ආවේ ඒ චෝදනා කරන විදිහේ එකක්වත් කරන්න නෙවේ, මම මේ පුටුවට ආවේ රටතුළ ස්ථීර සාර සාමයක් ඇතිකරලා, ජාතික සංහි`දියාව ශක්තිමත් කරලා, දේශීය අනන්‍යතාවය සහ ජාතිකත්වය රැකගෙන ස්වදේශීකත්වය රැකගෙන, විදේශීය බලපෑම්වලින් තොරව ආර්ථික සමෘද්ධියක් ඇතිව ලෝකයේ ප‍්‍රබුද්ධ රාජ්‍යයක් විදියට මේ උතුම් මාතෘ භූමිය ඉදිරියට ගෙන යන්න කියන එක ඉතා පැහැදිළිව මම ඔබට ප‍්‍රකාශ කරන්න ඕන.

ලෝකයේ කිසිම රටකට මේ රටෙන් භූමි කොටසක්, යම් තැනක් දෙන්න මම කිසිවිටෙක සූදානම් නැහැ. නමුත් අපිට චෝදනා කරන අයට මම එක දෙයක් කියනන ඕන, දොන් ජුවාන් ධර්මපාලගෙන් පස්සේ මේ රටේ කොටසක් දීම පිළිබඳ, ඛේදනීය සහ ඉතාමත් පිළිකුල් ලෙස ඉතිහාසයට එක්වුණේ කොළඹ පෝර්ට් සිටී ප‍්‍රදේශය චීනයට දීමත් එක්ක කියන එක මම බොහොම පැහැදිළිව කියන්න ඕන. ඒක තමයි ඇත්ත කථාව. අපි ජනවාරි 08 මේ වෙනසෙන් පස්සේ චීන රජය සමග සාකච්ඡුා කළා. ඒ ගිවිසුම වෙනස් කළා. චීනයට සින්නක්කරව දී තිබු භූමි ප‍්‍රමාණය පිළිබඳ ගිවිසුමේ සින්නක්කර කියන වචනය ඉවත් කරලා බදු ක‍්‍රමයට වෙනස් කළා. ඒ ගිවිසුමේ අපිට නොගැළපෙන දේ අපි ඉවත් කළා. ඒ තුළ අපිට විශාල වෙනසක් කරන්න පු`ථවන්කම ලැබුනා. ඒ නිසා මම බොහොම පැහැදිළිව කියනවා වීදුරු ගෙවල්වල ඉදගෙන ගල් ගහන්න ලෑස්ති වෙන්න එපා. ඒවට උත්තර දෙන්න අපි ලෑස්තියි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ගොඩනගමින් ඉදිරියට යන විට නොයෙකුත් නින්දා, අපහාස තිබෙනවා. මම මේ අවුරුදු දෙකේදීම කියලා තිබෙනවා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම මම බලෙන් භාරගත්තේ නැහැ. පක්ෂයේ මධ්‍යම කාරක සභාව මට ආරාධනා කළා. හිටපු ජනාධිපතිතුමා මට එන්න කියලා කථා කරලා බොහොම සුහදශීලිව මට මේ සභාපතිකම භාර දුන්නා. දැන් සමහර අය කියනවා බලෙන් ගත්තා කියලා. මේක කාටවත් බලෙන් ගන්න පු`ථවන්කමක් නැහැ. ඉතා පැහැදිළිව ඒ සියලූදෙනාගේ ආශිර්වාදය තුළ මට මේ සභාපතිකම භාරදුන්නා. ඒ නිසා මේ පක්ෂය ඉදිරියට යන්න කොතෙක් බාධාවන් ආවත්, අභියෝග ආවත් මේ පක්ෂයේ ඉදිරි ගමන වළක්වන්න මොන විදිහේ කුමන්ත‍්‍රණ කළත් මම ඒ සෑම කෙනෙකුටම පැහැදළිව කියනවා පැරදුණ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය, පසුගිය වසර දෙක තුළ මම වේගයෙන් ශක්තිමත් කරලා ඉදිරියට ගෙනවිත් තිබෙනවා කියන එක.
මීට සහයෝගය දුන්න මැති ඇමතිවරු, ආසන සංවිධායකවරු කි‍්‍රයාකාරින්, සාමාජිකයින් පක්ෂයට ආදරය කරන ඒ සෑම කෙනෙකුටම මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසයේ මෙවැනි ප‍්‍රශ්නවලට මුහුන දීලා තිබෙනවා. පක්ෂය දෙකට, තුනට කැඩුණු වෙලාවල් තිබෙනවා. පක්ෂය දුර්වල වූ වෙලාවල් ඉතිහාසයේ අපි අත්දැකලා තිබෙනවා. මම අද මේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය තුළ 50 වන වසර ගත කරන්නේ. ඒ නිසා ඒ අතීත අත්දැකීම් සමග ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය දුර්වල වුණේ කොතනද කැඩුනේ කොතනද, ආපස්සට ගියේ කොතනද ඒ සියලූ අත්දැකීම් සමග ඔබ සියලූදෙනා සමග මේ පක්ෂය පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ලෙස ගොඩනගලා ජයග‍්‍රාහී දේශපාලන පක්ෂයක් බවට, ස්ථීරසාරවම පත්කරනවා කියන සහතිකය මම ඉතා පැහැදිළිව ඔබට ලබා දෙනවා.

අපි පක්ෂයෙන් කාටවත් යන්න කියලා නැහැ. කාටවත් එන්න එපා කියලා නැහැ. අපි ආසන සංවිධායකවරු පත් කළා පසුගිය දිනවල. මම දැක්කා විවේචන තිබෙනවා. සංවිධායකවරු ඉවත් කරලා පක්ෂය දෙකට කඩනවා කියලා. මේ කියන්නේ අද අලුත් දේශපාලන පක්ෂයත් හදාගෙන වෙන තැනක ජාත්‍යන්තර කම්කරු දිනය පවත්වලා, පක්ෂයේ කිසිම සංවිධාන වැඩකට එන්නේ නැතිව පක්ෂයට නොයෙකුත් අකුල් හෙළමින් කටයුතු කරන පිරිස. නමුත් මම බොහොම පැහැදිළිව මම කියන්න ඕන. අතීතයේ අත්දැකීම් එක්ක මම කළින් කිව්වා වගේ මොන අභියෝග ගැටලු සහ ප‍්‍රශ්න ආවත්, මේ රටේ ඔබ කෙරෙහි ඇති විශ්වාසයත් එක්ක මේ පක්ෂය, ජයග‍්‍රාහී පක්ෂක් විදියට ඉදිරියට ගෙන යන්න ඒකාන්ත වශයෙන්ම ඉඩ කඩ තිබෙනවා.

ඒ නිසා අපි අද යන දේශපාලන ගමන් මගේ සම්මුතිවාදී ආණ්ඩුවක් විදියට එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එක්ව කටයුතු කිරීම මොන විදිහේ චෝදනා සහ විවේචන තිබුණත් ඒ සම්මුතිවාදී ආණ්ඩුවේ තිබෙන ප‍්‍රතිපත්ති නිසා තමයි අපිට තිබු ප‍්‍රධානස බාධාව වූ ජාත්‍යන්තර අභියෝග ඉවත් කරගෙන ලෝකයේ සියලූ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධානවල ප‍්‍රසාදය, සහයෝගය සහ ආශිර්වාදය ඔබෙත් මගෙත් උතුම් මාතෘ භූමියට ලබාගන්න පු`ථවන් වුණේ කියන එක බොහොම පැහැදිළිව ස`දහන් කරන්න ඕන.
ලෙස්ලි දේවේන්ද්‍ර සහෝදරයා කථා කරන ගමන් කිව්වා එතුමාගේ ජීවිත කාලය තුළ අවුරුදු 50 කට වැඩිය මැයි දිනවලට ගියා. අව්වේ වේලූනා. වැස්සට තෙමුණා. නමුත් මෑත භාගයේ පසුගිය දශක කිහිපය ගත් විට මේ අවුරුදු දෙක හමාරේ මේ රටේ වැඩකරන ජනතාවට, කම්කරු ජනතාවට මේ ආණ්ඩුව තුළ ලබාදුන් සහන සහ වරප‍්‍රසාද අසීමිතයි කියන එක එතුමා ස`දහන් කළා.

අද ප‍්‍රධාන වශයෙන්ම කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ වරප‍්‍රසාදවලදි ප‍්‍රසූත නිවාඩු සම්බන්ධයෙන් තිබෙන ප‍්‍රශ්නය, ගැටලූව දීර්ඝ කාලීන ඉල්ලීමක් අපේ ආදරණීය මව්වරුන්ගේ. රාජ්‍ය සේවයේ, පෞද්ගලික අංශයේ කාර්යාලවල සේවිකාවන්ට තිබෙන අයිතිය සාප්පු සේවිකාවන්ට නැහැ. කාර්යාල සේවිකාවකට ලැබෙන ප‍්‍රසූත නිවාඩු දින ගණන සාප්පු සේවිකාවකට නැහැ. ආණ්ඩුව බොහොම පැහැදිළිව ප‍්‍රතිපත්තියක් විදියට පිළිඅරගෙන මේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ කාර්යාල හා සාප්පු සේවයේ සිටින සියලූම මව්වරුන්ට, කාන්තාවන්ට ප‍්‍රසුත නිවාඩු ලබදීමේදී දින 84 ස්ථීර වශයෙන්ම ලබාදීමට ආණ්ඩුවක් විදියට අපි ප‍්‍රතිපත්තිමය තීන්දුවක් අරන් අවසන් කියන එක මම ප‍්‍රකාශ කරන්න ඕන. ඒ දින 84 ලබා දෙන විට සෙනසුරාදා, ඉරිදා, පෝය අනිත් රජයේ නිවාඩු හැරයි මේ දින 84 ඒ ප‍්‍රසුත නිවාඩුව අපි ලබා දෙන්නේ.
මම මේවා එකින් එක කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද මේ ඓතිහාසික ලෝක කම්කරු දිනය මේ උතුම් භූමියේ පවත්වන විට සතර දිග්භාගයෙන් ජනතාව ඇ`දී ආවා. ඔබ අද දැඩි ලෙස අව්වට වේලූනා. ඔබ අද දැඩි ලෙස වැස්සට තෙමුණා. ඒ ඔබ කළ කැපවීම රට වෙනුවෙන්. ඔබේ ඒ කැපකිරීම පක්ෂය වෙනුවෙන්. ඔබේ ඒ කැපකිරීම ජාතිය වෙනුවෙන්. ඔබේ ඒ කැප කිරීම සමස්ත මානව සමාජය වෙනුවෙන්. ඔබේ ඒ කැපකිරීම අනාගත ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ජයග‍්‍රහණයක් වෙනුවෙන් කියන එක මම ඉතා පැහැදිළිව දන්නවා.
ඒ නිසා ඒ සියලූ කැපකිරීම් කළ සියලූදෙනාට ස්තූතිවන් වෙනවා. සමහරුන් මේ මහනුවරට ආවේ ඊයේ. ඈත දුර ප‍්‍රදේශවලින් මම ඉතාම සතුටින් කියන්න ඕන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ මැයි දිනයකට, ජාත්‍යන්තර කම්කරු දිනයකට උතුරින් පැමිණි ද්‍රවිඩ ජනතාව වැඩිම පිරිසක් මහනුවරට අද ආවා. පසුගිය වසරේ ගාල්ලටත් ආවා. නමුත් මෙතරම් ප‍්‍රමාණයක් ආවේ නැහැ.

නැගෙනහිර පළාත ගත්තහම දහස් ගණනක් මුස්ලිම් ජනතාව මේ රැළියට ආවා. මුළු රට විදියට ගත්තහම විශාල පිබිඳීමක් එක්ක මේ ඓතිහාසික පූජනීය නගරය ජනතාවගෙන් පිරි ඉතිරි ගියා. ඒ නිසා ඔබේ ශක්තිය, ආශිර්වාදය, හැකියාව, නිර්මාණශිලිභාවය, කුසලතාවය, කැපවීම තුළ ඔබෙත් මගෙත් ශ්‍රේෂ්ඨ මාතෘ භූමිය ගොඩනගන්න ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ වාම ප‍්‍රගතිශීලි බලවේග ශක්තිමත් කරමින් ඉදිරියට ගොස් වැඩකරන ජනතාව සමග ඔබෙත් මගෙත් අද දවසේ වගකීම ඉටුකරමු කියන ගෞරවනීය ඉල්ලීම කරමින්, ඔබ සියලු දෙනාටම මගේ ගෞරවනීය ස්තූතිය පිරිනමමින්, මේ රටේ වැඩ කරන ජනතාවට, පොදු මහජනතාවට ඔබ සියලූදෙනාට මේ රටේ ප‍්‍රගිතිශීලි වාමංශික ව්‍යාපාරයට ජය වේවා කියමින් ඔබෙන් සමුගන්නවා.
ස්තූතියි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *