සංගාගෙන් නව වාර්තාවක්

(කොළඹ, ලංකාපුවත්) – ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු වන කුමාර් සංගක්කාර නව වාර්තාවක් බිහිකර තිබේ.

ඒ, කි‍්‍රකට් තරග පිටියේ ‘‘ලිස්ට් ඒ’’ කාණ්ඩයට අයත් සියලූ තරගවලදී ලකුණු දහනව දහසේ සීමාව පසු කළ පළමු ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයා බවට පත්වෙමිනි.

මෙම කාණ්ඩයේ ශ්‍රේණිගත කිරීම් අනුව සංගක්කාර පසුවන්නේ ලොව සිව්වන කී‍්‍රඩකයා ලෙස වීමද විශේෂත්වයකි.

අන්තර්ජාතික කි‍්‍රකට් පිටියේ එක්දින, ටෙස්ට් හා විදේශීය පළමු පෙළ කණ්ඩායම් නියෝජනය කරමින් සහභාගි වන පන්දුවාර 40 ට වැඩි එක්දින තරග ‘‘ලිස්ට් ඒ’’ කාණ්ඩයට ඇතුළත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *