සිරිකොත අලියාට වෙඩි තැබූ කොස්තාපල් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අලියාගේ ලාංජනයට වෙඩි තැබූ බවට සැක පිට පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (01) පස්වරුවේ රාජකාරියට යමින් සිටි කොස්තාපල්වරයා විසින් මේ වෙඩි තැබීම සිදුකර ඇත.

පොලිස් කොස්තාපල්වරයා පිටකෝට්ටේ ප්‍රදේශයේ අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ නිවෙස් රාජකාරියේ අනුයුක්තව සිටි අයෙකු බව ද වාර්තා වේ.

සිරිකොත ඉදිරිපිට නාමපුවරුවේ ඇඳ ඇති අලියා ලාංජනයට වෙඩි ප්‍රහාරයෙන් හානි සිදුව ඇත. සිද්ධිය පිළිබඳ මිරිහාන පොලිසීය පරීක්ෂණ පවත්වනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × three =