ට්‍රම්ප්, උතුරු කොරියානු නායකයා හමුවීමේ අපේක්ෂාවක

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමු වීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පවතින තත්වයන් හමුවේ උතුරු කොරියානු නායකයා හමුවීමට අවස්ථාවක් ලැබෙන්නේ නම් එය තමාට ‍ගෞරවයක් බව ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

කිම් ජොන් උන් ව හමු වීම සුදුසු ආකාරයට සිදු වන්නේනම් තමා නිසැකවම එය සිදු කරන බව ට්‍රම්ප් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත. මින් පෙර ඔහු විසින් උතුරු කොරියානු නායකයා ඉතා දක්ෂ පුද්ගලයකු ලෙස හදුන්වා දී තිබුණි.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙලත් සමග අර්බුදකාරී තත්වයක් උද්ගත වෙමින් පවතින අවස්ථාවක අමෙරිකානු නායකයා මෙම ප්‍රකාශය සිදුකර ඇත.

කෙසේවෙතත්, දෙරට නායකයන් අතර හමුවක් පැවැත්වීමට පෙර උතුරු කොරියාව කොන්දේසි රැසකට එකඟ විය යුතු බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ. අමෙරිකාවට උතුරු කොරියාවේ ප්‍රකෝපකාරී හැසිරීම හැකි ඉක්මනින් නතර කිරීමට අවශ්‍ය වී ඇති බව ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශක ෂෝන් ස්පයිසර් පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *