ලොව වයස්ගතම තැනැත්තා මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – මෙතෙක් ලොව ජීවත්ව සිටි වයස්ගතම තැනැත්තා ලෙස විශ්වාස කෙරෙන පුද්ගලයකු මරණයට පත්ව ඇති තොරතුරක් ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා කලාපයේ ග්‍රාමයකින් වාර්තා වේ.

අවුරුදු 146ක් වයසැති සොදිමෙජ්ජෝ නමැති පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් ඇත.

ඔහුව “බා ගොතෝ” හෙවත් “ගොතෝ සීයා” නමින්ද හදුන්වා තිබේ.

සොදිමෙජ්ජෝ සතු ලියකියවිලි වලට අනුව ඔහු උපත ලබා ඇත්තේ 1870 වසරේය.

පසුගිය අප්‍රේල් 12වනදා මොහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට ලක්වීම හේතුවෙන් රෝහල් ගත කර ඇති නමුත් දින කිහිපයකින් යළි නිවස වෙත පැමිණ ඇත. සොදිමෙජ්ජෝ ගේ මුණුබුරෙකු පවසා ඇත්තේ ඔහු නිවසට පැමිණි පසු විවිධ කැදවර්ග පානය කළ බවයි.

මින් පෙර අවස්ථාවක BBC ලෝක සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදී දිගු කල් ජීවත්වීමේ රහස විමසූ විට ඔහු කියා සිටියේ තමාට ආදරය කරන සහ රැකබලා ගන්නා පුද්ගලයන් තමා සමග සිටීම ඊට හේතු වූ බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *