ප්‍රමිත වෙනුවට තිළිණ බණ්ඩාර තෙන්නකෝන්

(කොළඹ, ලංකාපුවත්) – ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ඉල්ලා අස් වීමෙන් පුරප්පාඩු වූ මධ්‍යම පළාත් කී‍්‍රඩා, කර්මාන්ත, තරුණ කටයුතු, කාන්තා කටයුතු හා ග‍්‍රාම සංවර්ධන අමාත්‍ය ධුරයට තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පත් කර තිබේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඊට අදාල පත්වීම් ලිපිය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත ඊයේ(02) බාරදී ඇත.

ප‍්‍රමිත බණ්ඩාරගේ ඥාති සොහොයුරෙකුද වන තිළිණ බණ්ඩාර, හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ වැඩිමහල් සහෝදරයාගේ පුත‍්‍රයා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *