විදේශ විනිමය පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයි – ශ්‍රේෂ්ඨාධිකරණය

(කොළඹ, ලංකාපුවත්) – විදේශ විනිමය පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම්දී ඇති බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට අද(03) දැනුම් දෙනු ලැබීය.

මෙම පනත් කෙටුම්පත මගින් විදේශ විනිමය හා විදේශ සංචිත පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව සතු බලතල විෂය භාර අමාත්‍යවරයාට පැවරීමට යෝජනා කර ඇති බවත්, එමගින් ජාතික ආරක්ෂාවට හා දේශීය ආර්ථිකයට අගතියක් සිදුවන බවත් පවසා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයක් ලබා ගැනීම සහ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සමින් ඉල්ලා තිබුණි.

මෙම පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒ පිළිබඳ වන තීන්දුව මෙලෙස කථානායකවරයා වෙත දැනුම්දීමෙන් අනතුරුව කථානායකවරයා එම තීන්දුව පාර්ලිමේන්තුවට දන්වන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven − 9 =