සටන් විරාමයක් ගෙන ඒමට ට්‍රම්ප් සහ පුටීන් එකඟතාවක

(කොළඹ, ලංකාපුවත්) – සිරියාව තුල පවතින සිවිල් යුද්ධය නිමා කිරීම සඳහා සටන් විරාමයක් ගෙන ඒමට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් එකඟ වී තිබේ.

ඔවුන් දෙදෙනා අතර පැවති දුරකථන සංවාදයක් අතරතුර මෙම තීරණයට එළඹ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

පසුගිය මාසයේ අමෙරිකාව, සිරියානු හමුදාවට එල්ල කළ පීඩාකාරී ගුවන් ප්‍රහාරයෙන් අනතුරුව ජනාධිපතිවරු දෙපල මෙලෙස සංවාදයක නිරත වුයේ පළමු වතාවට ය.

මේ සම්බන්ධයෙන් ඵලදායි සංවාදයක් සිදු කළ යුතු බව ක්‍රෙම්ලීන සහ ධවල මන්දිර වාර්තා පෙන්වා දී ඇත. එමෙන්ම උතුරු කොරියාවේ නායකයා හමුවී සාකච්ඡා කිරීම පිළිබඳවද මෙහිදී කථාබහට ලක්වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × four =