සැම්සුන් දොඹකරයක් කඩාවැටී හයක් මරුට – 20කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – දකුණු කොරියාවේ සැම්සුන් සමාගම විසින් පවත්වාගෙන යන නැව් තටාංගනයක සිදු වූ දොඹකර අනතුරකින් පුද්ගලයන් 6 දෙනකු මියගොස් පුද්ගලයින් 20දෙනෙකු තුවාල ලබා ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

දකුණු කොරියාවේ බුසාන් ප්‍රදේශයේ ජියෝජි හි දී පසුගිය සදුදා මෙම අනතුර සිදුව තිබේ.

කොටු වී සිටින පුද්ගලයන් සොයාබැලීම සදහා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී.

අනතුරට ලක් වුවන් සැම්සුන් සමාගමේ නැව් නිෂ්පාදන අංශයේ බැර කර්මාන්ත වෙනුවෙන් සේවය සපයන අතුරු ගිවිසුම්කරුවන් බවට හඳුනාගෙන ඇත.

කාර්මික අංශයේ අනතුරු ඉතා අවම දකුණු කොරියාව මෙම සිදු වීම නිසා කම්පනයට පත් වී ඇති බව වාර්තා වේ.

මේ වන විට නැව් අංගනයේ සියලු වැඩ කටයුතු නවතා ඇති බවත් අනතුර සම්බන්ධ විමර්ශනයක් සිදු කෙරෙන බවත් බලධාරීහු ප්‍රකාශ කරති. ලොව තෙවන විශාලම නැව් නිෂ්පාදකයන් වන්නේ සැම්සුන් සමාගමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *