මැයි දින රැළිවලට බස් දීමෙන් ලංගම ආදායම ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – මැයි දින රැළි සඳහා බස්රථ ලබාදීම තුළින් පසුගිය සදුදා(01) දෛනික ආදායම සියයට 15කින් වැඩි කරගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.

මෙවර මැයි දින රැළි සඳහා බස් රථ 4100ක් ලබාදුන් බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරී ටී.එච්.ආර්.සී චන්ද්‍රසිරි මහතා පැවසීය.

ධාවනය කරන දුර ප්‍රමාණය අනුව සියළු බස් රථ සඳහා ගාස්තු අයකීරීමක් සිදුකළ බව ද චන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *