වර්ජනවලට මුහුණ දෙන්න සූදානම් – අමාත්‍ය රාජිත

(කොළඹ, ලංකාපුවත්) – රජය පෙරළා දැමීමේ අරමුණින් සිදු කරන වර්ජනවලට මුහුණ දීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ඒකාබද්ධ විපක්ෂය එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිත දීප ව්‍යාප්ත එක් දින වැඩ වර්ජනය සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් කරුණු හෙළි කර ඇති බවත් ඒ සඳහා සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා වෘත්තීය සමිති ව්‍යාපාර ඉදිරියේ දී පවත්වන බව කියන වර්ජනය පිළිබඳව අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

වෙසක් පොහොයට පසු වර්ජන සිදු කරන බවට ඒකාබද්ධ විපක්ෂය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මඟින් සිදු කරන එකම ප්‍රකාශය මත රජය පෙරළා දැමීමේ උත්සාහයක් ඇති බව මනාව ඔප්පු වන බව ද ඇමතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *