වීසා නිකුත් කිරීමේ හා ද්විත්ව පුරවැසිභාවය ලබා දීමේ නව ක්‍රමවේදයක්

(කොළඹ, ලංකාපුවත්) – වීසා ක්‍රමවේදය කාලීනව සංශෝධනය කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

එසේම ද්විත්ව පුරවැසි භාවය ලබාදීම ද නව ක්‍රමවේදයක් අනුව සිදු කිරීමට සැළසුම්කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පවතින යහපත් වාතාවරණය හේතුවෙන් ආයෝජකයින් මෙන්ම සංචාරකයින්ගේ පැමිණීම සීඝ්‍රයෙන් ඉහළගොස් ඇත. ඒ හේතුවෙන් ඔවුන්ගේ ඉල්ලීම්වලට අනුව කිසිදු ගැටලුවකින් තොරව වීසා ලබාදීම සඳහා පවතින ක්‍රමවේදය සංශෝධනය කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරනු ලැබේ.

පසුගිය වසර කිහිපය තුළ 25,000කට වැඩි පිරිසකට ද්විත්ව පුරවැසි භාවය ලබාදී තිබේ. එම ක්‍රමවේදයේ පවතින සංකීර්ණතා හේතුවෙන් නව වැඩපිළිවෙළක් කෙරෙහි අවධානය යොමුව ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *