(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරඟාවලියේ කොල්කටා නයිට්රයිඩරස් කණ්ඩායම සමඟ පැවති තරගයෙන් කඩුලු 04ක ජයක් හිමිකර ගැනීමට පුනේ සුපර් ජයන්ට් කණ්ඩායම සමත්විය.
ඊයේ (03) පැවති තරඟයේ කාසියේ වාසිය හිමිකරගත් සුපර් ජයන්ට් කණ්ඩායම ප්රථමයෙන් පන්දුවට පහරදීමේ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමට ආරාධනා කළේය.
ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 155ක් ලබා ගත්තේය.
මනිෂ් පාන්ඩේ ලකුණු 37ක් ද කොලින් ද ග්රෑන්ඩ්හෝම්ස් ලකුණු 36 ක් ලබාගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පුනේ කණ්ඩායම පන්දුවාර 19යි පන්දු දෙකක් තුළ කඩුලු 6ක් දැවී ලකුණු 158ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළේය. රාහුල් ට්රිපාති ලකුණු 93ක් රැස් කිරීමට සමත් විය