ආධුනික කාලයේ විවාහ වී රැකියාව අහිමි වූ පොලිසියේ 149කට යළි රැකියාව

(කොළඹ, ලංකාපුවත්) – ආධුනික කාලය තුළ විවාහ වීම හේතුවෙන් පත්වීම අවලංගු කරනු ලැබූ පොලිස් නිලධාරීන් 149දෙනෙකුට නැවත සේවයේ පිහිටුවීමට අවස්ථාව දී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ශ්‍රී ලංකා පොලිසිය වෙත ආධුනික නිලධාරීන් ලෙස බදවා ගනු ලබන පොලිස් නිලධාරීන් සදහා ඔවුන් බදවා ගත් දින සිට වසර 03ක කාලයක් යන තුරු විවාහ වීමට අවසර ලබා නොදෙයි.

අදාළ නිලධාරීන් 149 දෙනා අරභයා ඔවුන්ට මුහුණ පෑමට සිදුව ඇති මානුෂීය ගැටළු, නීතිය හා සාමය සහ දක්ෂින සංවර්ධන අමාත්‍යංශයේ මහජන සහන දිනයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් අමාත්‍ය සාගල රත්නායක මහතා, ජාතික පොලිස් කොමිසන් සභාව වෙත කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස දැනට රැකියාව අහිමි වී ඇති නිලධාරීන්ට මේ අවස්ථාව ලබා දී තිබේ.

ඒ අනුව මෙම නිලධාරීන් සංඛ්‍යාවට උපපොලිස් පරීක්‍ෂක 03ක් ද, පොලිස් කොස්තාපල්වරු 132ක්ද, කාන්තා පොලිස්කොස්තාපල්වරියන් 13ක් සහ පොලිස් කොස්තාපල් රියදුරෙක් අයත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *