යුරෝප සංගමයට තෙරේසා මේගෙන් චෝදනා – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවයි

(කොළඹ, ලංකාපුවත්) – යුරෝපා සංගමය මහ මැතිවරණයට බලපෑම් කිරීමට උත්සාහ දරණ බව, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ චෝදනා කර ඇත.

දෙවැනි එළිසබෙත් මහ රැජිණ හමුවීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලය අසළදී ඇය මාධ්‍ය අමතමින් මේ බව කියා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඇය අවධාරණය කර ඇත්තේ ඇතැම් යුරෝපීය දේශපාලඥයන්, මැතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑම් කිරීමට උත්සාහ දරණ බවයි.

මහ රැජිණට නිල දැනුම්දීමෙන් අනතුරුව, ඉකුත් මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරුණේ, ලබන ජුනි 08 වැනි දා මහ මැතිවරණය පැවැත්වීම සදහාය.

යුරෝපයේ ධනවාදීන් ඉලක්ක කර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය එහි දී දැඩි චෝදනා එල්ල කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *