ඔබාමා ගේ සෞඛ්‍ය ප්‍රතිපත්ති යෝජනාව ට්‍රම්ප් පරාජය කරයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා ගෙන ආ සෞඛ්‍ය ප්‍රතිපත්ති යෝජනාව පරාජය කිරීමට වත්මන් අමෙමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් වී තිබේ.

මෙම යෝජනාව පරාජය කිරීමත් සමග රිපබ්ලිකන් පක්ෂය ඉදිරිපත් කළ සෞඛ්‍ය ප්‍රතිපත්ති යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඊට පක්ෂව ඡන්ද 217ක් ලැබුණු අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 4ක් පමණි.

හිටපු ජනාධිපති බරක් ඔබාමා ඉදිරිපත් කර තිබූ සෞඛ්‍ය ප්‍රතිපත්තියෙන් පුද්ගලයින් මිලියන 20කට සෞඛ්‍යය රක්ෂණයක් ලබාදීමට යෝජනා කර තිබුණි. එහෙත් එය අමෙරිකා ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරන බව ට්‍රම්ප්ගේ මතය විය.

ඒ අනුව එම යෝජනාව පරාජයට පත් කිරීමට ට්‍රම්ප් හිතවාදීන් කටයුතු කරකු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *