කොළඹ විශේෂ මෙහෙයුමෙන් රථවාහන වැරදි 79ක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරයේ ඊයේ(04) දින ක්‍රියාත්මක වූ නීති කඩන රථවාහන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ පොලිස් විශේෂ මෙහෙයුමේ දී විවිධ රථවාහන වැරදි 79ක් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

ඊයේ පෙරවරු 07.00 සිට පෙරවරු 10.00 දක්වාත් පස්වරු 12.00 සිට පස්වරු 03.00 දක්වාත් කොළඹ නගරය ආවරණය වන පරිදි කොළඹ නාගරිත රථවාහන මූලස්ථානයේ පොලිස් නිලධාරීන් අදාළ මෙහෙයුමට එක් විය.

සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ආයතනය මගින් ලබා දුන් සිවිල් වාහන 07ක සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන් සමඟ මංතීරු නීති ය කඩකරන හා මාර්ග නීති කඩකරන රියදුරන් සම්බන්ධයෙන් විශේෂ රථවාහන මෙහෙයුමක් සිදුකරන ලදි.

වමෙන් නොපැදවීම, තීරු මාරු කර අවහිර කිරීම්, දකුණේ නීති ය නොපිළිපැදීම, රතු එළියට විරුද්ධව ධාවනය කිරීම්, ජංගම දුරකථන භාවිතා කරමින් රිය ධාවනය, සුදු ඉර කපා ඉස්සර කිරීම, බස් නැවතුමෙන් පිටත නවතා අවහිර කිරීම යන වැරදි මෙම මෙහෙයුමේ දී විශේෂ අවධානයකට ලක් වූ බව පොලිසිය සදහන් කරයි.

මෙම වැඩිරදි සම්බබන්ධයෙන් දඩ පත්‍රිකා නිකුත් කර ඇති අතර දඩ පත්‍රිකා නිකුත් කළ නොහැකි රථවාහන වැරදි සදහා අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two + 15 =