නව ව්‍යවසායකත්ව යෝජනා 1,500ක්

(කොළඹ, ලංකාපුවත්) – ඩොලර් මිලියන 125 ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක නව ව්‍යවසායකත්ව ව්‍යාපෘති වැඩසටහන යටතේ මේ වන විට නව ව්‍යවසායකත්ව යෝජනා 1,500ක් පමණ ලැබී ඇති බව ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ මහතා පවසයි.

තවත් මාස තුනකින් නැවත වරක් පුවත්පත් හරහා ව්‍යාපෘති යෝජනා කැඳවන බව පවසන ඔහු, සාර්ථකව ක්‍රියාත්මක වුවහොත් මෙම වැඩසටහනට ලෝක බැංකුවෙන් තවත් තුන් ගුණයක ආධාර ලබා ගත හැකි බව කියා සිටියේය.

ඊයේ(04) කොළඹදී තරුණ ව්‍යාවසායකයින්ගේ මණ්ඩලයේ සාමාජිකයින් සමඟ පැවති හමුවකදී ඇමතිවරයා ඒ බව පැවසීය.

ව්‍යවසායකයින්ට අවශ්‍ය තාක්ෂණය සහ මූල්‍ය පහසුකම් තම අමාත්‍යංශයෙන් ලබා දෙන බව කියා සිටි හෙතෙම, මෙම වැඩසටහන හරහා ජාතික ආදායමට සැලකිය යුතු දායකත්වයක් ලබා දිය හැකි බව පෙන්වා දුන්නේය.

අදාළ ව්‍යාපෘති ක්‍රියාවේ නැංවීමට අවශ්‍ය ඉඩම් ද හඳුනාගෙන ඇති බව පැවසූ ඔහු, එම ඉඩම් ආයෝජකයින්ට ලබා දෙන බවත්, ඔවුන්ගේ නිෂ්පාදන සඳහා අපනයන වෙළෙඳපොලක් සහතික කරන බවත් වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *