රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –2017 ජාතික රණවිරු මාසය ප්‍රකාශයට පත් කරමින් එහි පළමු සමරු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළදවීම ඊයේ (04) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති ත්‍රස්තවාදය අවසන් කිරීමේ මානුෂීය මෙහෙයුමේදී සිය ජීවිතය මබ්බිම වෙනුවෙන් පූජා කළ රණවිරුවන් සහ තම ශරීරාංග කැපකළ රණවිරුවන් සිහිපත් කිරීම මෙන්ම ඔවුන් වෙනුවෙන් කෘතගුණ සැලකීමේ අරමුණින් වාර්ෂිකව මෙම රණවිරු මාසය රජය විසින් ප්‍රකාශයට පත් කරන අතර, එයට සමගාමීව රණවිරු කොඩි අලෙවිය ද සිදු කෙරේ.

රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් මෙහි පළමු සමරු කොඩිය ජනාධිපතිතුමා වෙත පළදවනු ලැබීය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඒ.පී.පී. කිත්සිරි යන මහත්වරුන් සහ දිවයිනේ සියලු පළාත් නියෝජනය කරමින් ආණ්ඩුකාරවරුන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් ද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික හමුදාපති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + 1 =