ලෝක ශූරතා දුනු විදීමේ තරගාවලියට ශ්‍රී ලංකා පොලිසිය

(කොළඹ, ලංකාපුවත්) – තුර්කියේ පැවැත්වෙන ලෝක ශූරතා දුනු විදීමේ තරගාවලියට ශ්‍රී ලංකා පොලිසිය තීරණාත්මක තරග කිහිපයකින් පසු අවස්ථාව හිමි කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමය මගින් සංවිධාන කළ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ක්‍රීඩාංගනයේ දී ඉකුත් 03 සහ 04 දිනවල පැවැති ලෝක කුසලාන දුනු විදීමේ තරගයට සහභාගී වූ පොලිස් දුනු විදීමේ කණ්ඩායමේ උප පොලිස් පරීක්‍ෂක චන්දන අබේගුණසේකර ක්‍රීඩකයා සහභාගී විය.

එහිදී ත්‍රිවිධ හමුදාව ඇතුළුව සහභාගී වූ ක්‍රීඩකයින් 81දෙනාගෙන ප්‍රථම ස්ථානය සහ ශ්‍රී ලංකාවේ ලෝක දුනු විදීමේ තරගාවලියට සුදුසුකම් ලත් එකම ක්‍රීඩකයා බවට පත්වීමට ඔහු සමත් විය.

ලෝක ශූරතා දුනු විදීමේ තරගාවලිය 2017 ජුනි මාසයේ දී තුර්කියේ දී පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *