ශ්‍රී ලංකාවට එන ඉන්දීය අගමැති මෝදි දළදා වඳින්න යයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගිවීමට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදාවහන්සේ වැඳ පුදා ගැනීමට ද නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනයෙන් ලබන 11 වන දින ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

නරේන්ද්‍ර මෝදි මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරයුමෙන් මෙසේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට නියමිත බව වාර්තා වේ.

ජාත්‍යන්තර වෙසක් උළෙලට ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දෙදින සංචාරය අතරවාරයේදී දළදා මාලිගාවට යාම විශේෂ සිද්ධියක් ලෙස සැලකේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two − two =