සේවයට වාර්තා නොකළහොත් සේවය අතහැර ගියාසේ සළකනවා – ශ්‍රී ලංකා දුම්රිය සේවය

(කොළඹ, ලංකාපුවත්) – කොන්ත්‍රාත් දුම්රිය නියාමකවරුන් සහ රියදුරන් වහාම සේවයට වාර්තා කළ යුතු බව ශ්‍රී ලංකා දුම්රිය සේවය දැනුම් දීමක් කරයි.

ඒ අනුව අද (05) දිනයේ සේවයට වාර්තා නොකරන කොන්ත්‍රාත් දුම්රිය නියාමකවරුන් සහ කොන්ත්‍රාත් දුම්රිය රියදුරන් සේවය අතහැරගියාසේ සැලකීමට තීරණය කර ඇති බව දුම්රිය ගමනා ගමන අධිකාරී විජය සමරසිංහ මහතා පැවසීය.

අද උදෑසන නියමිත පරිදි කාර්යාල දුම්රිය ධාවනයේ නිරත වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *