රටේ ආර්ථීක සංවර්ධනයට සියලු රටවල සහය ලබා ගැනීම වත්මන් රජයේ විදේශ ප්‍රතිපත්තියයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව තානාපතිවරු දෙදෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් අද (08) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ.

නේපාලය සහ ඉන්දුනිසියාව සදහා තානාපතිවරුන් ද, මෝල්ටා රජ්‍යය සහ නවසීලන්තය සදහා මහ කොමසාරිස්වරුන් ද මෙලෙස පත්ව සිටියි.

ඔවුන්ගේ නම් පහත පරිදි වේ.

01. Mr. Stephen Borg – High Commissioner- designate of the Republic of Malta
02. Ms. Joanna Mary Kempkers – High Commissioner – designate of New Zealand
03. Mr. I. Gusti Ngurah Ardiyasa – Ambassador – designate of the Republic of Indonesia
04. Prof. Bishwambher Pyakuryal – Ambassador – designate of Nepal

ශ්‍රී ලංකාව සහ මෙම රටවල් අතර පවතින ද්විපාර්ශ්වික සබදතා තවදුරටත් සවිමත් කර ගැනීමට අලූතින් පත් වූ මෙම රාජ්‍ය තාන්ත්‍රිකයින් කටයුතු කරනු ඇතැයි මෙහිදී විශ්වාසය පළකළ ජනාධිපතිතුමා, ලොව සෑම රටක් සමඟම පවතින මිත්‍ර සබදතා ශක්තිමත් ප්‍රවේශයන් ඔස්සේ ඉදිරියට ගෙන යමින් රටේ ආර්ථීක සංවර්ධනයට එම සියලු රටවල සහය ලබා ගැනීම වත්මන් රජයේ විදේශ ප්‍රතිපත්තිය බව ද කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *