රු. 5000 නෝට්ටුව අවලංගු කිරීමට තීරණය කර නැහැ – මහ බැංකුව

(කොළඹ, ලංකාපුවත්) – දැනට ව්‍යවහාරයේ පවතින රුපියල් 5000 නෝට්ටු අවලංගු කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මේ වනවිට ව්‍යවහාරයේ පවතින රුපියල් 5000 නෝට්ටුවල අත්සන් තබා ඇත්තේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාය. ඔහු මහ බැංකු අධිපති ධුරයට පත්වන අවස්ථාවේ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා සිටියේ යැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් ප්‍රකාශ කරන අන්දමට අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය බාරගන්නාවිට ඔහුගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය පිළිබඳව කිසිදු ගැටලුවක් නොතිබූ බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *