වෙසක් සමයේ විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක්

(කොළඹ, ලංකාපුවත්) – වෙසක් සමයේ නගරයට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ඒ සඳහා බුද්ධි අංශ සහ විශේෂ කාර්ය බලකාය යොදවා ඇත.

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උත්සවය මෙරට දී උත්කර්ෂවත්ව පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මීට සමගාමීව වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ සඳහා ජනතාව විශාල වශයෙන් සහභාගී වනු ඇති බවට විශ්වාස කෙරේ.

ඒ අනුව ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් එම සෑම ස්ථානයකටම විශේෂ පොලිස් කණ්ඩායම් යොමු කිරීමට සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + 15 =