ගම්පොළ දරුවා පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) – ගම්පොළ දරුවා පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා ලබන 18 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.

පසුගිය 03 වනදා අතුරුදන් වූ රිනාස් මොහොමඩ් සල්මාන් නමැති අවුරුදු 02යි මාස 08න් වයසැති දරුවා සොයා ගැනීම සඳහා පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් දියත් කරන ලදි.

දරුවා නිදහස් කිරීමට නම් රුපියල් මිලියන 3 ක කප්පම් මුදලක් අවශ්‍ය බව දරුවා පැහැර ගත් කප්පම්කරුවන් ප්‍රකාශ කර තිබුණි.

එම දරුවා සමග අතුරුදන් වූ තරුණයා සොයා ගැනීමත් සමග ඔහුගෙන් ලද තොරතුරු අනුව තවදුරටත් පරික්‍ෂණ සිදු කෙරුණු අතර ඒ අනුව දරුවා මඩකලපුව කරදියනාරු ප්‍රදේශයේදී නිරුපද්‍රිතව බේරා ගැනීමට සෙනසුරාදා (06) පොලීසිය සමත් විය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඊයේ (07) ඉදිරිපත් කෙරුණි. ඒ අනුව ඔවුන් ලබන 18 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *