IPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් තවදුරටත් පෙරමුණේ

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්ව සිටියි.

තරග 11කදී ඔවුන් ලබාගෙන ඇති ජයග‍්‍රහණ සංඛ්‍යාව 09කි.

දෙවන ස්ථානයේ පසුවන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තරග 12ක දී ජයග‍්‍රහණ අටක් වාර්තා කර තිබේ. රයිසින් පූනේ කණ්ඩායම පසුවන්නේ ප‍්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයේය.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සිව්වන ස්ථානයේ පසුවන්නේ තරග 12කින් තරග 06ක් ජය ගනිමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *