අයි.පී.එල් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය සුනිල් නාරායන්ගෙන්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලි ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක සුනිල් නාරායන් ඊයේ (07) සමත්වුණා.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර පැවති තරඟයේදී ඔහු මෙම අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 15ක් පමණක් වැය කරමිනි.

ඊයේ පැවතී තරඟයේදී සුනිල් නාරායන් ලකුණු 54ක් රැස් කර අතර ඔහුගේ ඉනිමට හයේ පහර 04ක් සහ හතරේ පහර 06ක් ඇතුලත් විය.

මෙවර අයි.පී.එල් තරඟාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සුනිල් නාරායන් අරම්භක පිතිකරුවෙක් ලෙස පිටියට ගෙන ඒම විශේෂත්වයකි.

මිට පෙර කොල්කටා කණ්ඩායමේම යූෂෆ් පතාන්, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව වේගවත්ම අර්ධ ශතකයට හිමිකම් කියන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *