ආපදාවලින් විපතට පත්වූවන්ට කඩිනම් සහන ලබා දීමේ රජයේ වැඩපිළිවෙළ අඛණ්ඩව

(කොළඹ, ලංකාපුවත්) –අපදාවන්ට ලක්වූවන්ට වත්මන් රජය තරම් කඩිනමින් සහන ලබා දුන් වෙනත් කිසිදු රජයක් නොමැති බව අමාත්‍ය කබීර් හෂීම් සදහන් කරයි.

පසුගිය වසරේ අරණායක නායයාමෙන් පීඩාවට පත්ව නව නිවාස ලැබූ පවුල් 20කට භාණ්ඩ ප්‍රදානය කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.

කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව ඒ සදහා දායක විය.

අරණායක නායයාමෙන් අවතැන් වූ පවුල් සංඛ්‍යාව 518කි. ඉන් පවුල් 58කට නිවාස ඉදිකර දී ඇත. තවත් නිවාස 210ක් ඉදිකෙරෙමින් පවති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *