ගීතාගේ මන්ත්‍රී ධූරය ගැන මැතිවරණ කොමිසමට දැනුම්දෙයි

(කොළඹ, ලංකාපුවත්) – ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසිවී ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට දැනුම්දී තිබේ.

මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ  ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රි ධූරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කළ දැනුම්දීම අනුව ඉදිරි අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five − four =